පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට දින නියම කෙරේ

0
Local Government Election - පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට දින නියම කෙරේ

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා මෙලෙස නාම යෝජනා කැඳවන බවයි.

ඒ අනුව, ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 20 වනදා මධ්‍යහ්න 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිකුත් කරනු ලැබූ අතර, එහි නාම යෝජනා භාර ගන්නා දිනය,ස්ථානය, ඇප මුදල් සම්බන්ධයෙන් විස්තර, අපේක්ෂක සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය යන කරුණු ඇතුලත්.