බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

0
Egg Prices - බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තර මිලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ,

“දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා බිත්තර ගෙනාවොත් අපේ බිත්තර එයාට වඩා අඩුවෙන් දෙනවා. අපිට පුළුවන්. එතුමා 25ට දුන්නොත් අපි 20ට බිත්තර දෙනවා.”

වෙළෙඳසැල් රැසක රුපියල් 65 කට බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳුන් බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය දීමෙන් පසු ඊයේ (03) නැවතත් රුපියල් 55 කට බිත්තර අලෙවි කරනු දක්නට ලැබුණි.‍

බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පෙරේදා (02) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පෙරේදා එකගතාව පළකර තිබුණි.

මේ අතර රජය මෙම තීරණය ගැනීමත් සමග බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථවලින් බිත්තර ගෙනැවිත් නාරාහේන්පිට සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල්වලට රුපියල් 53ක තොග මිලක් යටතේ අලෙවි කිරීම ඊයේ සිදු කළේය.