විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

0
Electricity Bill - විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

මෙම මාසයේ සිට ඉහළ දැමීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්.

කෙසේ වෙතත් එය ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවේදී තවදුරටත් සාකච්ඡා කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර ගාස්තු නැංවීමට කැබිනට් මණ්ඩලය ලබාදෙන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පිළිනොගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණේ ජනාධිපති කාර්යාලයේදීයි.