දෙඇස් නළලේ පිහිටි එළු පැටවකු ප්‍රසූත කරයි

0
Goat Eyes - දෙඇස් නළලේ පිහිටි එළු පැටවකු ප්‍රසූත කරයි

යාපනය නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියකදී දෙඇස් අමුතු පිහිටීමකින් යුතු එළු පැටවකු ප්‍රසූත කර ඇතැයි වාර්ථා වෙයි.

මෙම එළු පැටවාගේ දෙඇස් සාමාන්‍ය අයුරින් එළුවන්ගේ තිබිය යුතු ස්ථානයේ පිහිටා නොමැති අතර මෙම එළුපැටවාගේ දෙඇස් පිහිටා ඇත්තේ නලලේ බවට එළුපට්ටියේ හිමකරු විසින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එළුවා බිහිවීමෙන් පසුව එතරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටි බවටත් එළුපැටවා ප්‍රදේශයේ පශුවෛද්‍යවරයාට යොමු කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බවටත් එළුපැටවාගේ හිමිකරු වන කන්දසාමි බාස්කරන් කියා සිටියේය.

මෙම එළුපැටව යම් ජාන විකෘතිතාවයකින් ඉපදී ඇතැයි විශ්වාශ කෙරෙන අතරම එළුපැටවා බැලීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණෙමින් සිටින බවටද එළුපැටවාගේ හිමිකරු වැඩිදුරටත් පැවසීය.