2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කළ යුතු බව ජනපති කියයි

0
President Ranil Wickramasinghe - 2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කළ යුතු බව ජනපති කියයි

2023 වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සමස්ත රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ගැටළු විසඳීමට නව ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙය කළ යුතු බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

2023 වර්ෂය වැදගත්ම වර්ෂයක් බවත් ණය උගුලෙන් බේරී ණය ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට යා යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නා.

ආර්ථික කඩා වැටීම නිසා ලොව සමග තරග කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් උවමනා බවට මතයක් ඇතිව තිබෙන බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.