පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් උද්ධමනය පහළට

0
Inflation in December - පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 57.2 දක්වා පහත බැස ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 61ක මට්ටමේයි.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 64.4 දක්වා පහත බැස ඇති අතර, එය පසුගිය මාසයේ පැවතියේ සියයට 73.7ක් ලෙසයි.

එමෙන්ම මධ්‍යසාර සහ දුම්කොළ කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7.6කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1යි දශම 1කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සදහන්.

ආපනශාලා සහ හෝටල් කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 13යි දශම 8කින් පහළ ගොස් තිබෙනවා.