පෑන් මිලට විසඳුමක්

0
Pen Prices - පෑන් මිලට විසඳුමක්

පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ.

ඇතැම් පාසල් උපකරණ අලෙවිසැල් මගින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම කාබන් කූරු අලෙවි කරන අතර රුපියල් 7ත් 10ත් අතර මිල ගණන් යටතේ පෑන් බට අලෙවි වේ.

මේ වන විට බෝල්පොයින්ට් පෑනක මිල රුපියල් 25ත් 50ත් අතර වන අතර, කාබන් කූරක් අඩු මිලට ලබාගෙන පරණ පෑනකට යොදා භාවිතා කළ හැකි බව එම අලෙවි නියෝජිතයෝ පවසති.

ඇතැමුන් පවසන්නේ මෙය ආර්ථික වාසියක් මෙන්ම පරිසරයට එක්වන ප්ලාස්ටික් පෑන් ප්‍රමාණය අඩුවීමෙන් පරිසර ආරක්‍ෂාවට ද හේතුවන බවයි.