සජිත්ගේ පූර්ව ලමාවිය සංවර්ධනය වී නොමැති බවට චෝදනාවක්

0
Sajith Preamadasa and JVP - සජිත්ගේ පූර්ව ලමාවිය සංවර්ධනය වී නොමැති බවට චෝදනාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ව ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නැතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ එවන් පුද්ගලයන්ට රටක් පාලනය කළ නොහැකි බවයි.

බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ හැකි යැයි එවන් පුද්ගලයන් සිතන බව ද ඔහු පැවසීය.

පූර්ව ළමාවිය නිසිලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බවද ජයතිස්ස මහතා කියා සිටියේය.

ජාතික ජනවේගය ආසන බලමන්ඩලය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.