අදර්ශාගේ හඬ පටයක් සමාජ ජාලා හොල්ලයි.. බුද්ධික සමග නත්තල් හුරතල්…

0
Voice Recording - අදර්ශාගේ හඬ පටයක් සමාජ ජාලා හොල්ලයි.. බුද්ධික සමග නත්තල් හුරතල්...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සමග අනියම් බිරිඳ ලෙස කලක් ජීවත් වූ බව පැවසූ ආදර්ශා කරදන මහත්මිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදු කරන සංවාදයක් සමාජ ජාලා වල හුවමාරු වෙමින් තිබේ.

හෝටල්කට පැමිණෙන ලෙසත් ඊට අදාළ කටයුතු පිලිබඳවත් එහිදී ඇය සැලකිය යුතු කාලයක් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ ගැන සඳහන් කර ඇත්තේ අදාළ හඬ පටය ඉතා පැරණි එකක් බවත් එහි සිදුවන සාකච්ඡාව ද ඉතා සාමාන්‍ය සුහද සාකච්ඡාවක් පමණක් බවත්ය.

ආදර්ශා කරදන ද සඳහන් කරන්නේ මෙය සාමාන්‍ය කතාබහක් මිස ඉන් එහා ගිය කිසිවක් නොවන බවත් එය වසර කිහිපයක් පැරණි සංවාදයක් බවත් ය.

තමන් විසින් ආශු මාරසිංහ මහතාට එල්ල කරන චෝදනා හේතුවෙන් පරණ හඬ පට නැවත මතුවී ඇති බවද ඇය කියා සිටී.