අරගල නායක ඩිලාන් සේනානායකට පිහියෙන් ඇන්න හේතුව හෙළි වෙයි

0
Aragala Leader - අරගල නායක ඩිලාන් සේනානායකට පිහියෙන් ඇන්න හේතුව හෙළි වෙයි

මිරිහාන පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පිහි අනුමට ලක්ව තුවාල ලැබූ ඩිලාන් සේනානායක පසුගිය 14 වනදා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ත් 28ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙකි.

එහිදී අපරාධය සඳහා යොදාගත් පිහි 02ක් සහ ත්‍රිරෝද රථයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තවත් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ.

සැකකරුවන් පිරිස ගාලුමුවදොර විරෝධතා පවතී කාලසීමාවේදී දිනපතා ඒ සඳහා යාමට පුරුදුව සිට ඇති බව පොලීසිය පවසයි.

එහිදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබූ තරුණියකට ඩිලාන් සේනානායක නමැති අය විසින් සිදුකළා යැයි පවසන සමච්චලයක් මුල්කරගනිමින් එයට පළිගැනීමක් ලෙස මෙම පිහි ඇනුම සිදුකර ඇති බව පොලීසියපවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.