රනිල් බිල්ගේට්ස් සමග පාරිසරික වැඩසටහනක් ආරම්භ කිරීමට යයි

0
Ranil and Bill Gates - රනිල් බිල්ගේට්ස් සමග පාරිසරික වැඩසටහනක් ආරම්භ කිරීමට යයි

ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකු වන බිල්ගේට්ස් සමග එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රදානීන් රැසකගේ සහභාගිත්වයෙන් 2023 වසරේ මැද භාගයේ දී ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් මෙරට දී පැවැත්වීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර ඊට අදාළ සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හයිම්ට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට දැනුම් දී තිබේ.

එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමග සාකච්ඡා කර මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක රුවන් විජයවර්ධන පැවැසීය.

දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.