ලංකාවේ ආහාර උද්ධමනය පහළට

0
Food Inflation of Sri Lanka - ලංකාවේ ආහාර උද්ධමනය පහළට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව හත් වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 කි.

ගියවර දර්ශකයේ සියයට 86 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට සයවෙනි ස්ථානය හිමිව තිබූ අතර මෙවර ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.

එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 203 ක් සහ 158 ක් වේ.