විදුලි බිල් ගෙවීම් පැහැර හැරි මැති ඇමතිවරුන්ගේ නම් එළියට

0
Electricity Bills of Ministers - විදුලි බිල් ගෙවීම් පැහැර හැරි මැති ඇමතිවරුන්ගේ නම් එළියට

මෙරට රජය යටතේ ඇති අමාත්‍යාංශ 54ක කටයුතු කළ අමාත්‍යවරුන් පිරිසක් විසින් විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 42ක විදුලි බිල් ගෙවීම් පැහැර හැරීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සංගම් කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, 2022 නොවැම්බර් මස 13 වැනි දිනට හිඟ මුදල් හෝ නොගෙවූ දැනට ප්‍රබල අමාත්‍ය ධුරවල පවා කටයුතු කරන සහ හිටපු මැති ඇමතිවරුන්ගෙන් අයවිය යුතු විශාල හිඟ විදුලි බිලක් ඇති බවයි.

මෙම හිඟ විදුලි බිල්පත් අතර වැඩිම මුදලක් ගෙවීමට ඇති මැති ඇමතිවරුන්ගේ නාමයන් සහ ඔවුන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුළු හිඟ මුදල ද පහතින් දැක්විය හැකියි.

ජේ. පෙරේරා – රු. 5,391,913.00
ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න – රු.1,628,523.07+660,485.56
එස්.පී.පී. දසනායක – රු. 1,409,015.27
ආර්.එම්.සී. රත්නායක – රු. 1,427,479.16
ආර්.පී. ගුණවර්ධන – රු. 1,356,927.28
ආර්. පතිරණ – රු. 1,237,043.35
ඩබ්ලිව්.එම්.ටී.බී. ඒකනායක – රු. 1,128,444.77
චන්ද්‍රසිරි ගජධීර – රු. 1048,703.80
රිෂාඩ් බදුයුදීන් – රු. 961,879.23
කේ.ඩී.එම්.සී. බණ්ඩාර – රු. 893,075.26
එච්.ජී. වීරකෝන් – රු. 801,748.75
සරත් ෆොන්සේකා – රු. 767,561.08
පී. හැරිසන් – රු. 691,075.09

මේ අතර වනවා. මීට අමතරව ලක්ෂ පහකට ආසන්න හිඟ විදුලි බිල්පත්කරුවන් ලෙස ලැයිස්තුවේ පෙරමුණේ සිටින මැති ඇමතිවරුන් වන්නේ,

බී.එම්.එම්.ඩී. බන්නැහැක – රු. 540,376.64
ආර්. බෝගොල්ලාගම – රු. 475,290.19
ඒ.සී.එච්. ද සොයිසා – රු. 483,086.70
ඒ. ‍දොඩන්ගොඩ – රු. 403,197.44
ආනන්ද සංගරී – රු. 390,761.09
ඉමිතියාස් බාකිර් මාකර් – රු. 357,311.11
ආර්.ඩී.ඒ. සිරිසේන – රු. 355,765.71
හරීන් ප්‍රනාන්දු – රු. 275,028.59
එල්.ජී.ජේ. සෙනෙවිරත්න – රු. 262,447.62
ඩබ්ලිව්. අබේවර්ධන – රු. 246,105.90
ඩී.ඩී.කේ. අලහප්පෙරුම – 239,988.00
එන්.එච්.ආර්. සේනාරත්න – රු. 227,157.81
ජී.ඩබ්ලිව්.පී. සොයිසා – රු. 199,434.82
ජේ. වීරක්කුඹුර – රු. 198,749.87
ඒ.ඩී. ප්‍රේමදාස – රු. 162,146.08
පී. හැරිසන් – රු. 160,507.37
අනුර ප්‍රියදර්ශන යාපා – රු. 192,705.48
එච්.එම්. ෆවුසි – රු. 142,460.99
එස්. පුංචිනිලමේ – රු. 129,501.70
ඊ. ප්‍රේමරත්න – රු. 124,531.70
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – රු. 116,333.15
කේ.ටී. වික්‍රමරත්න – රු. 169,073.79
ඩී.ජේ.ඒ.එම්. දසනායක – රු. 165,073.68 යන අයවලුන් මෙහි සිටිනවා.

එමෙන්ම සිය විදුලි බිල් හිඟ මුදල ලක්ෂයකට ආසන්න සහ ඊටත් අඩුවෙන් එහෙත් නොගෙවූ බිල් ඇති මැති ඇමතිවරුන් වන්නේ;

ඒ.එල්.එම් අතාවුල්ලා – රු. 96,166.77
විමලේන්ද්‍රන් – රු. 89,443.57
ජේ.සී. අලවතුවල – රු. 87,156.10
තිස්ස අත්තනායක – රු. 85,244.06
කදිරගාමර් – රු. 73,968.17
තිස්ස කරලියද්ද – රු. 71,641.49
ආර්.එම්.ආර්.එම්. බණ්ඩාර – රු. 53,846.49
ජේ. ගුණවර්ධන – රු. 51,960.71
ආර්. වික්‍රමනායක – රු. 50,535.18
එම්.එෆ්. මුස්තාපා – රු. 38,371.58
එස්.බී. දිසානායක – රු. 32,367.54
ජී. සුසන්ත පුංචිනිලමේ – රු. 31,676.98
එම්.එම්.ඒ. හලීම් – රු. 4,347.67
එම්. අලුත්ගමගේ – රු. 1,854.61 යන අයයි.

මෙවන් කෝටි ගණනක විශාල හිඟ විදුලි බිල්පත් මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු පසුබිමකදියි, රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින්, බදු උපරිමයටම පනවමින් සහ තවදුරටත් ඒකක ගණනින් විදුලියට අය කරන මුදල යළිත් ඉහළ දැමීමට රජයේ අදූරදර්ශී පාලකයින් කටයුතු කරමින් යන්නේ.