සහල් මිල වැඩි වීමේ අවධානමක්

0
Rice Prices - සහල් මිල වැඩි වීමේ අවධානමක්

විදේශ රටවලින් සහල් ආනයනය නතර කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග උත්සව සමයේදී සහල් මිලෙහි ඉහළ යාමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි

එම සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ මාධ්‍ය හමුවකදී කියා සිටියේ දැනටමත් වී කිලෝවක මිල රුපියල් 115 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ගොවියා සතුව පැවති වී ක්‍රමානුකූලව මහා පරිමාණ තොග රුස් කරන්නන් අතට පත් වූවායින් පසුව මෙලෙස වී මිල ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ලැවසුවේය.

මෙම තත්ත්වය හමුවේ සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවීන්ට හෝ පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ එහිදී සඳහන් කළේ.