දරුවන් ඈත් වෙන්න බලනවා නම් ඒ ගැන සොයන්න

0
Ice Drugs with Students - දරුවන් ඈත් වෙන්න බලනවා නම් ඒ ගැන සොයන්න

පාසල් දරුවන් අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට ප්‍රධානතම හේතුව අත්තරායක ඖෂධ පාලන ජාතික පර්යේෂණ මණ්ඩලයේ, පර්යේෂණ නිලධාරී නිලානි අලුත්ගේ පෞද්ගලික රූපවාහිනි වැඩසටහනේදී අනාවරණය කළේය.

ඇය පැවසුවේ පාසල් සිසුන් සෑම දෙයක් ගැනම කුතුහලයෙන් කටයුතු කරන බවත් ඔවුන් බොහෝවිට අත්හදා බැලීම් සිදුකරණ බවත්ය.

එම නිසා ජවාරම්කරුවන් විසින් වැඩි වශයෙන් ඉලක්ක කරන්නේ පාසල් දරුවන් බවද ඇය වැඩිදුරට පැවසීය.

“පාසල් දරුවන් කුතුහලයෙන් කටයුතු කරන්නේ. ඒ අය අත්හදා බලනවා. එම නිසා ජාවාරම්කරුවන්ට ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් මේ කණ්ඩායමෙන්.”

“දරුවෙක් දෙමව්පියන්ගෙන් ඈත්වෙන්න බලනවා නම්. ඒ ඈත්වීම තුළ මොනවා හරි දෙයක් තියෙනවා. අධ්‍යයන කටයුතු අඩපණ වෙනවා නම්, පාසල් යෑම අඩපණ වෙනවා නම් හෝ ශරීරය කෙට්ටු වෙනවා නම් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වුණු දරුවෙක් වෙන්න පුළුවන්. ආහාර රුචිය අඩුවෙනවා. නිදිවර්ජිතව ඉන්න පුළුවන් පැය ගණන් වුණත්. ”

“මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරනවා. අධි මාත්‍රාවක් ගත් අවස්ථාවකදී මරණයට පත්වෙන්න පුළුවන්. දරුවෙකු ළඟ තිබිලා අහුවුණොත් පාසල ඉදිරියට ගේන්න හොඳ නැහැ. තනි කරලා ගන්න ඕනේ.”