ජනාධිපතිට ඇති ජනතා අකමැත්ත අඩුවෙයි.. මත විමසුමේ ප‍්‍රතිඵල මෙන්න…

0
President Ranil Wickramasinghe - ජනාධිපතිට ඇති ජනතා අකමැත්ත අඩුවෙයි.. මත විමසුමේ ප‍්‍රතිඵල මෙන්න...

ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ගැඹුරු ලෙසම අහිතකර මට්ටමක පවතින බව IHP ආයතනය කළ නවතම සමීක්ෂණයකදී අණාවරණය වී තිබේ.මෙහි කැපී පෙනන කරුණ වන්නේ ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගෙ පවතින අහිතකර අදහස් අඩු මට්ටමක පවතී.

නොවැම්බර් මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්වල පවතින අහිතකර තත්ත්වය සෘණාත්මක 46% ක (-46) ක් ලෙස දැක්වෙයි.

මෙය අනුර කුමාර දිසානායක මහතා සෘණාත්මක 55%ක්, සජිත් ප්‍රේමදාස මහතා සෘණාත්මක 55%ක් හා ගෝඨාභය රාජපක්ෂ සෘණාත්මක 51%ක් යන අගයන් හා සැසදීමේදී යහපත් තත්ත්වයක් වෙයි.

ඒසේම ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති ඉහළ සෘණාත්මක තත්ත්වය ඒනම් සෘණාත්මක 80% ක තත්ත්වය මේ වන විට සෘණාත්මක 51%ක් දක්වා යහපත් තත්ත්වයකට පත්ව තිබේ.