සිමෙන්ති මිල රුපියල් 225 කින් බසී

0
Cement Prices - සිමෙන්ති මිල රුපියල් 225 කින් බසී

සිමෙන්ති මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750 ක් දක්වා අඩු වේ.

ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර තිබේ.

මෙයට සමගාමීව ටෝකියෝ සහ අල්ට්‍රාටෙක් සමාගම් ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර ඇති බවට වාර්තාවෙයි.