මැණික් සොයන්න ගිය තරුණයා මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

0
Young Boy Death - මැණික් සොයන්න ගිය තරුණයා මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

කෙසෙල්ගමුඔය රක්ෂිතයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි තරුණයෙකු පස් කන්දකට යට වී ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ බගවන්තලාව ටින්සින් නගරයේ පදිංචිව සිටි කනකරත්නම් කුගේන්ද්‍රන් නැමති 22 හැවිරිදි වියේ පසු වු තරුණයෙකි.

මෙම තරුණයා තවත් පිරිසක් සමග ඔහු පදිංචි නිවසට යාබඳව පිහිටි කෙසෙල්ගමුඔය රක්ෂිතයේ ඊයේ (12) පස්වරුවේ මැණික් ගැරීම සඳහා විශාල වළක් හරා ඇත.

පසුව එහි පස් ගොඩ දමමින් සිටිය දී වළ තුළට පස් කඩා වැටීමෙන් තරුණයා පස්වලට යට වී ඇති බව පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසින් එක්ව පැය දෙකකට ආසන්න කාලයක් අඩි 20ක් පමණ ගැඹුරකින් යුත් වළෙහි තිබු පස් ඉවත් කර තරුණයා වළෙන් ඉවතට ගන්නා විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

බගවන්තලාව පොලීසිය පැවසුවේ මෙම පිරිස කාලයක සිට අනවසරයෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටින බවය.

එහි සිටි අනෙක් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව බගවන්තලාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.