දෙමළ දේශපාලන පක්ෂ අද ජනපති හමුවේ

0
Tamil Parties - දෙමළ දේශපාලන පක්ෂ අද ජනපති හමුවේ

දෙමළ දේශපාලන පක්ෂ අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 5.30 ට පැවැත්වෙන බවයි දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික ජනතා සන්ධානය මෙම සාකච්ඡාව සඳහා එක්වනු ඇති.

මීට පෙර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ෆ්ලොට් සංවිධාන නියෝජිතයන් වෙන් වෙන්ව ගොස් ජනාධිපතිවරයා මුණගැසී තිබුණා.

දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සාකච්ජා සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා කරන ලැබූ ඉල්ලීමට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.