අරගලය අතට ගන්නා බව සජිත් කියයි

0
Sajith Premadasa - අරගලය අතට ගන්නා බව සජිත් කියයි

පොදු ජන අරගලය සමගි ජන බලවේගයේ අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩගන්නා විප්ලවය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ (11) පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

“පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙමෙයි ජනතාවගේ දුක් කඳුළු අදෝනාව මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නොඳුරු අනාගතයේදී මේ රට ගොඩ ගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්ම කරන්න අපි කටයුතු කරනවා.

ප්ලුටෝ කියන දාර්ෂණිකයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ‘ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපතත්තු සාදාන්නාය. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයා. එහෙත් සියලු කාලාවන් අතරින් උසස්ම කාලව වන පාලන කලාව සඳහා ඔබ තොරගන්නේ අදක්ෂ කපටි රැලක්. මිත්‍රවරුණි, ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් අපි යෝජනා කරනවා රට ගෙඩනගන දක්ෂ පක්ෂ හපන්කම් තියෙන කණ්ඩායමක් අපි මේ රටට පත්කරගමු.”