රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනපති හමුවෙති

0
President with Ambassadors - රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනපති හමුවෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද සිදුවිය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනාධිපතිවරයා සමඟ මෙම හමුවට සහභාගී වූහ.

ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.