රසායනික පොහොර නැව් තුනක් කොළඹ වරායේ

0
Fertilizer for Agriculture - රසායනික පොහොර නැව් තුනක් කොළඹ වරායේ

රසායනික පොහොර නැව් තුනක පොහොර ගොඩබෑමේ කටයුතු මේ වන විට කොළඹ වරායේ දී සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

USAID සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක අක්කරයට වඩා අඩු කුඹුරු ඉඩම් හිමි අඩු ආදායම්ලාභී පවුල් 193,000කට නොමිලයේ ලබාදීම සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් අද (05) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාර දුන්නේය.

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර සම්පූර්ණ ප්‍රමාණයම රැගත් නෞකාවක් මේ වන විටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බවද එම බණ්ඩි පොහොර තොගය කොළඹ වරායේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

මෙම නැවේ අඩංගු බණ්ඩි පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 41,876කි. වී වගාවට අත්‍යාවශ්‍යම වන බණ්ඩි පොහොර අද දින සිටම රට පුරා බෙදා හැරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.