බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට

0
Sri Lankan Women Murder in Australia - බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙල්බර්න් හි සෑන්ඩ්හර්ට්ස් හි වාසය කළ තුන්දරු මවක වන මෙලොයිනි පෙරේරා නම් කාන්තාවකි.

මෙල්බර්න් හී සෑන්ඩ්හර්ට්ස් හී පදිංචි ශ්‍රී ලංකික කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.

අසල්වාසීන් විසින් ඔස්ට්‍රේලියානු මාධ්‍යට පවසා ඇත්තේ, දියණිය පැමිණ “මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා” යනුවෙන් ඔවුන්ට පැවසු බවය.

44 හැවිරිදි මෙලෝයිනී පෙරේරා නමැති කාන්තාව ඝාතනය කර තිබුණේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන 45 හැවිරිදි දිනූෂ් කුරෙයිරා නමැත්තා විසිනි.

පිහි ඇනුම සිදුව තිබුණේ රාත්‍රී කාලයේදීය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ – පාසල් වයසේ පසුවන පුත්‍රයාද මෙම පිහි ඇනුමට මැදිව ඇති නමුත් ඔහු පළායාමට සමත්ව තිබේ.

ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර, ඇය නිවසේ අඟුළු පවා මෑතකදී වෙනස් කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

සැකකාර සැමියා පළායෑමට උත්සාහ දරා ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, නෛතික කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පවසයි.