ඇමෙරිකාවෙන් සංචාරකයින් දහසක් රැගෙන අසමාරා කොළඹට

0
Azamara Ship with Tourist - ඇමෙරිකාවෙන් සංචාරකයින් දහසක් රැගෙන අසමාරා කොළඹට

සංචාරකයින් 1000 ක් රැගත් ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවක් වන අසමාරා ක්වෙස්ට් නෞකාව කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

ඊයේ පස්වරු 4.30 ට පමණ පැමිණි මෙම නෞකාවේ ඇමෙරිකානු මගීන් 600 ක් සහ කාර්ය මණ්ඩලයේ 400 ක් සිටින බව සඳහන්. මෙම නෞකාව සඳුදා හම්බන්තොට වරායට ළගා වීමට නියමිතයි.

එමෙන්ම, දකුණු පළාතේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල නිලධාරීන් 600 දෙනෙකුගෙන් මෙම විශේෂ පොලිස් කණ්ඩායම සමන්විතයි.

දකුණු පළාතේ වෙරළ තීරය භාවිත කිරීමේදී විදෙස් සංචාරකයින්ගෙන් ඇතැම් පිරිස් මුදල් අය කරන බවට ලැබෙන පැමිණිලිවලින් අනතුරුවයි මෙම විශේෂ පොලිස් කණ්ඩායම යෙදවීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර, විදේශීකයන්ට අඩුම ජීවන වියදමකින් ජිවත් විය හැකි නගර අතර ප්‍රමුඛස්ථානය කොළඹ නගරයට හිමිව තිබෙනවා. ඇමෙරිකාවේ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ට්ස් වෙබ් අඩවිය කළ සමීක්ෂණකිනුයි මේ බව අනාවරණ කර ඇත්තේ.

එම සමීක්ෂණයෙන් අඩුම ජීවන වියදමකින් ජිවත් විය හැකි නගර අතර පළමු තැන ගැනීමට කොළඹ නගරය සමත්ව ඇත්තේ, ලොව පුරා නගර 172 ක් අතරින් වීම විශේෂත්වයක්.

ඉන්ධන, ගෑස්, ආහාර පාන, ඇඳුම්, ගෘහ උපකරණ, නිවාස කුලී, ප්‍රවාහන, ජල විදුලි බිල්පත්, පෞද්ගලික පාසල් ගාස්තු ඇතුළු භාණ්ඩ හා සේවා 200 ක ඍජු වෙළඳපොල මිල මේ සඳහා පදනම් කරගෙන ඇති අතර ඊට පුද්ගලයන් 50,000කගේ පමණ තොරතුරු ලබාගෙන තිබෙනවා.

එම සමීක්ෂණයට අනුව විදේශිකයෙකුට තම රටින් පිටව ගොස් අඩුම ජිවන වියදමකින් ජිවත්විය හැකි නගර ලෙස කොළඹ, ඉන්දියාවේ – බැංගලෝර් සහ ඇල්ජිරියාවේ – ඇල්ජීර්ස් යන නගර දක්වා ඇති බව සඳහන්.

වැඩිම ජිවන වියදම් සහිත නගර ලෙස එහි දක්වා ඇත්තේ සිංගප්පූරුව සහ ඇමෙරිකාවේ – නිව්යෝක් නගරයයි.