අතුරුදන්වූ තරුණයෙකු සොයාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

0
Young Boy Missing - අතුරුදන්වූ තරුණයෙකු සොයාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

මාවනැල්ල පොලීසිය දැනුම්දෙන්නේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකළ බවය.

මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති එම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබේ.

පසුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත විහාරස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇත.

එසේ යන අතරතුර අවසන්වරට පැමිණිලිකාරියගේ සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර තිබූ බව පැවසෙයි.

නමුත් අදාළ තරුණයා නැවත විහාරස්ථානයට නොපැමිණි බව විහාරාධිපති හිමියන් විසින් දෙමව්පියන් වෙත දැනුම්දී තිබේ.

අවසන් වරට කොළ පැහැති අත්දිග කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් කොට කලිසමකින් සැරසී කළු පැහැති හිස්වැසුමක් පැළැඳ සිට ඇත.

අතුරුදන්වී සිටින තරුණයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති 0718 59 14 18 හෝ මාවනැල්ල පොලිස්ථානයේ 035 22 47 222 යන අංකය අමතා දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.