චී චී කැතයි ! කැතයි !!පොහොට්ටු වෘත්තීය සමිති හොර පාරෙන් හිතවතුන්ට Vaccine ගස්සති. (photo)

0
හොර පාරෙන් හිතවතුන්ට Vaccine

GMOA නොහොත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් තම නැදැයින් හිතවතුන් යැයි සඳහන් කරමින් ලයිස්තු ක්‍රමයකට හොර පාරෙන් හිතවතුන්ට Vaccine ලබා දීමේ වැඩසටහනක් සමාජ මාධ්‍ය තුල හා වෘත්තීය වේදීන් අතර බරපතල විවේචනයන්ට ලක්ව ඇත.

ලෝකයේ බොහෝ රටවල එන්නත් කරණය සිදුරනුයේ නියමිත ක්‍රමවේදයකට අනුවය. සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ට සහ ඉදිරිපෙල ආරක්ෂක අංශයන්ට ලබා දීමෙන් අනතුරුව වයස් ශ්‍රේණි මත වඩා අවධානම් කාන්ඩ අනුපිලිවෙලට එන්නත් ලබා දීම සාමාන්‍ය පිලිගත් ක්‍රමයයි. ලෝක සංවිධානය අනුමත කරන ක්‍රමවේදයද එයයි.

නමුත් ලංකාවේ මින් පෙර Vip vaccine center මෙන්ම මුදල් ගෙවා vaccine කරගත හැකි ස්ථානද පැවති බවට හෙළිදරවු උනා. ඒ සමහරක් හෙළිදරවු කෙරුණේද GMOA වෘත්තීය සමිතිය හරහාම වීමද විශේෂත්වයක්.

නමුත් අද වන විට එන්නත් කරනව මාෆියාවක් කරගන්නේ නම් වැඩ වර්ජනයකට යන බව PHI වරුන්ගේ සංගමයද ප්‍රකාශ කලා.

ඒ සම්බන්ධව අපේ පෙර ලිපිය මෙතැනින්

සමාජ මාධ්‍ය තුලද නිදහස් මාධ්‍ය වේදියෙක් වන උවිඳු කුරුකුලසූරිය වෛද්‍යවරුන් විසින් එන්නත් කරනයට ඉදිරිපත් කල ලයිස්තු පවා ඉදිරිපත්කර තිබූ අතර එම අනීතික සදාචාර විරෝධී ක්‍රියාවන් බොහෝ දෙනෙක්ගේ විරෝධයට ලක්ව තිබුනා.

උවිඳු සමාජගත කල වෛද්‍යවරුන්ගේ හොර පාරෙන් හිතවතුන්ට Vaccine ලයිස්තුව පහලින්.
හොර පාරෙන් හිතවතුන්ට Vaccine

ඊට අමතරව බොහෝ ස්ථාන වල වෛද්‍ය කෝටාව හරහා එන්නත් ලබා දීම සිදුකල බවටත් සමහර ස්ථාන වල වෛද්‍යවරයෙකුට 10 දෙනෙකුගේ කෝටාවක් හිමිව තිබූ බවටත් උවිඳු තොරතුරු හෙළිකර තිබුනා.

ඔහු සමාජ මාධ්‍යයන්හි පල කල සටහන් කිහිපයක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් ජනපති වරයා පත්කිරීමෙහි මෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් විශේෂ කාර්‍යභාරයක් ඉටුකල අතර පැවති යහපාලන රජය ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමේ විශාල ක්‍රියාදාමයකද නිරත උනා.

එමෙන්ම GMOA ලයිස්තුවෙන් එන්නත් ලබාගැනීමට නම් ඔවුන්ගේ සාමාජික ගාස්තු අවසන් දවස දක්වා තිතට ගනන් බලා තිබීම වෛද්‍ය වරුන්ගේද අප්‍රසාදයට ලක්ව තිබුනා.

පුරවැසියන් ලෙස සමානව සැමට හිමිවිය යුතු අවස්ථාවන් මෙලෙස වරප්‍රසාද ලත් පැලැන්තියක් තුල පමණක් බෙදා හදාගැනීම ඉතාම කණගාටු වියයුතු කරුණක්. මේ වන විට ඇස්ට්‍ර සෙනෙකා පළමු එන්නත් මාත්‍රාව ලබාගත් ලක්ෂ්හ ගනනක් දෙවන මාත්‍රාව නොමැති වීම තුල වෙනත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබාගැනීම වැනි හානිකර තත්වයන්ද යොමුව තිබෙනුද දැකිය හැකියි.