පාසල් සිසුවෙකුට අතරව කළ ගුරුවරිය රිමාන්ඩ්

0
Teacher Arrested - පාසල් සිසුවෙකුට අතරව කළ ගුරුවරිය රිමාන්ඩ්

පාසල් සිසුවෙකුගේ මුහුණ සිඹ අතවර කළ බව කියන ගුරුවරියක් පිළිබඳ පුවතක් වාර්තා විය.

සිද්ධියට මුහුණදී ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි.

සිසුවා පදිංචිව සිටින නිවෙසට ගොස් ඇති අදාළ ගුරුවරිය එහිදී මෙම ක්‍රියාව සිදුකර තිබේ.

චෝදනා එල්ලවී ඇත්තේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියකටය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරියව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළ ඉතිහාසය විෂය උගන්වන 42 හැවිරිදි තිදරු මවකි.

සිද්ධියට මුහුණ දුන් සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ රැකවරණය යටතේ සිසුවා සිටින බව පොලීසිය පවසයි.

ඉකුත් 05 වනදා සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයාගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි පැවසෙයි.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩිවී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩවූ පුංචි අම්මා විසින් දැක නොදැක්කා සේ නිවස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම්දී ඇතැයි පොලීසිය කියයි.

ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ කෙටි පණිවුඩ හමුවී තිබෙන බවද පොලීසිය පවසයි.

අනතුරුව සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම්දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ තිබේ.

පසුව, මොරගහහේන පොලීසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බවද පොලීසිය පැවසීය.

ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මාරු කරයැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ද ලබාදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

චෝදනා ලත් පාසල් ගුරුවරියව ඊයේ (01) දින මොරගහහේන පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මොරගහහේන පොලීසිය පැවසීය.