එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ඉල්ලා ඉල්ලුම්පත් දහස් ගණනක්

0
United National Party - එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ඉල්ලා ඉල්ලුම්පත් දහස් ගණනක්

එක්සත් ජාතික පක්ෂයට ආසන සංවිධායක තෝරා පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආසන සංවිධායක ධුර සඳහා ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් ආසන සංවිධායකයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලද බව ද හෙතෙම කියා සිටියේය.

මෙසේ තෝරා ගන්නා ආසන සංවිධායකවරුන් ජනවාරි මස පළමුවෙනිදා සිට වසරක කාලයක් සඳහා එම සංවිධායක ධුරවල කටයුතු කිරීමට නියමිතව තිබේ.