දිවි නසා ගැනිමට පැමිණ දිවි එපා කියා දුවයි

0
Galu Kumari Train - දිවි නසා ගැනිමට පැමිණ දිවි එපා කියා දුවයි

මරදාන සිටි බෙලිඅත්ත බලා ධානවයවු ගාලු කුමාරි දුම්රියට පැන අද (29) සවස දිවි නසා ගැනිමට පැමිණි බව කියන පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ පීලි අතර දිගාවි සිට දුම්රිය නතර කළ පසු මැදිරි අතරින් රිංගා පලාගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක සේවා ගාල්ල කාර්යාලය කියයි.

ගාලු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදි කොග්ගල කඩේ හන්දියේදි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ වාඩිවී සිටින අයුරු දුම්රිය රියැදුරු දැක ක්ෂණිකව ක්රි යාත්මකවී දුම්රියෙහි වේගය අඩු කිරිමත් සමග එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ දිගාවි තිබේ.

එක වරම දුම්රිය නතරකර ගැනිමට නොහැකිවී ඇති අතර දුම්රිය මැදිරි කිහිපයක් ඔහු යටකරගෙන ඉදිරියට ගොස් නවතා තිබේ. පසුව එක් වරම එම පුද්ගලයා මැදිරි යටින් රිංගා පිටතට පැමිණ පලාගොස් ඇති බව නිලධාරීහු කියති.

මේ නිසා ගාලු කුමාරි දුම්රිය නියමිත වේලාවට වඩා පැය බාගයක් පමණ ප්රවමාදවි ධාවනය කිරීමට සිදුවූ බවද ඔවුහු කියති.