පලාත් පාලන මැතිවරණය කල් දමන යෝජනාවක් පාර්ලිමේන්තුවට

0
Local Government Election - පලාත් පාලන මැතිවරණය කල් දමන යෝජනාවක් පාර්ලිමේන්තුවට

මීළඟ මාර්තු 20 වැනිදාට කලින් පැවැත්වීමට නියමිතව ඇති පලාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව මැතිවරණය කල් දැමීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ.

මැතිවරණය කල් තබා පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කර මැතිවරණය පැවැත්වීමට සුදුසු බව එම පිරිස යෝජනා කර ඇත.

මැතිවරණයක නොපැවැත්වුහොත් එම ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට හෝ ප්‍රාදේශීය ලේකම් යටතට පැවරීමට නියමිතව තිබේ.

මේ අතර පළාත් පාලන හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාල වන පනත අයවැය විවාදය පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව පවතින මෙම ව්‍යාකූල තත්ත්වයන් මත මැතිවරණය පිළිබඳව නීතිපතිවරයාගේ අදහස් විමසීමට ද මැතිවරණ කොමිසම සූදානම් වන්නේ යැයි ද දැනගන්නට ඇත.