ගෑස් නිකුත් කිරීම ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

0
Litro Gas - ගෑස් නිකුත් කිරීම ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ලබන බදාදා දිනය තෙක් ගෑස් වෙළෙඳපොළට සීමා සහිතව නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, උත්සවය සමය තුළ පවතින අධික ඉල්ලුමත්, ඇනවුම් කර ඇති ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීමත් මීට හේතුව බවය.

කෙසේවෙතත් ලබන 30 වන දින වන විට ගෑස් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත අතර එම ගෑස් ගොඩබෑමෙන් පසු සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

“ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට ගෑස්වල හිඟතාවයක් දකින්නේ නෑ. නමුත් දෙසැම්බර් මාසයේ උත්සව සමයත් එක්ක අපි නිරීක්ෂණය කරනවා ඉල්ලුම ඉහළ අගයකට වැඩිවෙමින් පවතිනවා කියන එක. ඒ නිසා දෙසැම්බර් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කිරීමට යෙදුනා. එයින් එන කොටස බ්‍රහස්පතින්දා වෙනවිට මෙරටට ළඟාවීමට නියමිතයි. එතැනින් එහාට එකදිගටම ජනවාරි වෙනකල් නෞකා එනවා. අපි සීමා සහිතව සිලින්ඩර 42,000ක් විතර මාකට් එකට දුන්නා. සමහර තැන්වල මේක අඩුවක් තියෙන්න පුළුවන්. ඒක හිඟයකට වඩා අපි සීමා සහිතව නිකුත් කරන්නේ.”