ආශා දිසානායක කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

0
Dubai Sudda - ආශා දිසානායක කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් ඊයේ (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය.

රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආශා දිසානායක නමැති කාන්තාව මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ කාන්තාවක් බවය.

මෙරටින් රැගෙන ගිය කාන්තාවන්ව ආශා දිසානායක විසින් මුදලට විකුණා ඇති බවද ඔහු චෝදනා කළේය.

ආශා විසින් රුපියල් ලක්ෂ 17කට අලෙවි කළ කාන්තාවක් සම්බන්දයෙන් තොරතුරු තමන් සතු බවත් ඊට අදාළ කාන්තාව විසින් සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර වැඩ තහනමට ලක්වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් යන අය තමන්ට සිදුකළ අතවරයන් පිළිබඳව කාන්තාවක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළාය.

එහිදි ඇය පැවසුවේ ඊ. කුෂාන් නමැත්තා විසින් තමන්ට හිංසනයන් සිදුකළ බවත් මෙරටට පැමිණීමට නොදී තමනව ඕමානයේ සිරකර තැබූ බවත්ය.