ලොව අවදානම් මුදල් අතරට ශ්‍රී ලංකා රුපියල වැටෙයි

0
Sri Lanka Rupee - ලොව අවදානම් මුදල් අතරට ශ්‍රී ලංකා රුපියල වැටෙයි

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත.

නොමුරා මූල්‍ය සමාගම යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ.

ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව එම මුදල් ඒකක හත අයිති රටවල් වන අතර නොමුරා මූල්‍ය සමගම අනතුරු අඟවා ඇත්තේ මෙම රටවල මුදල් ඒකක අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් පවතින බවයි.

නොමුරා මූල්‍ය සමාගම,රටක මුදල් ඒකක අර්බුදයක් ඇති විය හැකි දැයි තීරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකෘතිය සකස් කිරීම සඳහා රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලී අනුපාත ඇතුළුව කරුණු 8 සැලකිල්ලට ගෙන තිබේ.