අනාගත සහකාරිය‍ගේ කනකර ඉස්සූ මනාලයා කොටුවු හැටි

0
Gold Theft - අනාගත සහකාරිය‍ගේ කනකර ඉස්සූ මනාලයා කොටුවු හැටි

ලබන ජනවාරියේ දී විවාහ කරගැනීමට සිටි නියමිත තම අනාගත සහකාරිය‍ගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටක් වටිනා රන් භාණ්ඩ සොරාගත් අයකු පොල්පිතිගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොල්පිතිගම පොලිස් වසමේ දිගින් දිගටම සිදුවූ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් පසුගියදා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන් සතුව තිබූ සොරාගත් භාණ්ඩ ද පොලීසිය සොයාගෙන තිබිණි.

ඒ බව සැලවීමෙන් පසු ගතවූ කාලයේ දී තම නිවෙස්වල භාණ්ඩ නැති වූ පිරිස් ද පොලීසියට පැමිණ එම භාණ්ඩ පරීක්‍ෂා කර ඇති අතර, එලෙස පොලීසියට පැමිණි කාන්තාවක් එම සොරකම්වලට සම්බන්ධ එක් අයකු තම අනාගත බෑණා බව හඳුනාගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අයකු මැල්සිරිපුර පොලිස් වසමේත්, අනෙක් දෙදෙනා පන්සියගම පොලිස් වසමේත් පදිංසි අය බවත්, ඔවුන් ඉරුදෙණියාය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් තිදෙනා ගෙවල් බිදුම් 14 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය විණි යැයි ද පොලීසිය සඳහන් කරයි.