වැඩබැරි ටාසන්ලා එක්ක කොරෝනා පාලනය කරන්න බැහැ(Video)

0
Muruththettuwe ananda himi - වැඩබැරි ටාසන්ලා එක්ක කොරෝනා පාලනය කරන්න බැහැ

කොපමණ ඇමතිවරු පත්කළත් අධ්‍යක්ෂවරු පත්කළත් කොරෝනා පාලනය නිසි ලෙස වැටහෙන්නේ නැත්නම් එය සිදුකළ නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

මේ වන විට රජයට මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් කොරෝනා පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් නොමැති බවයි උන්වහන්සේ කියාසිටියේ. 

අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවට වන අතර වැඩ බැරි ටාසන්ලා සමඟ තවදුරටත් මෙය කළ නොහැකි බවත් මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කරගැනීම සඳහා කළ පුරුද්ද මෙන්ම පළපුරුද්ද ද තිබිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වාදුන්හ. 

(https://www.lankanewsweb.net/ වෙබ් අඩවිය ඇසුරිනි)