බැසිල් අද දිවයිනට

0
Basil Rajapaksa - බැසිල් අද දිවයිනට

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (20)දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජපක්ෂ මහතා මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර,විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ද ඔහු ඇමරිකාවේ සිටියදීය

මේ අතර, රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව,පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.