ලබන වසර අගවන විට උද්ධමනය තනි ඉලක්කමකට

0
Governor Nandalal Weerasinghe - ලබන වසර අගවන විට උද්ධමනය තනි ඉලක්කමකට
මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග  මෙම අගය ලබන වසර අගවන විට   4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ  ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී