අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක්

0
Arjuna Ranathunga - අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක්

මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය.

ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පැමිණීලිකාර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී කරනු ලැබු පැමිණීල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමන් සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉකුත් 2003 වර්ෂයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි තිලංග සුමතිපාල මහතා මෙම පැමිණීල්ල ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

හිටපු අමාත්‍යවරයා තමන්ට අභූත චෝදනා එල්ලකරමින් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවූ බවත් ඒ හේතුවෙන් තමන්ට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඔහුගෙන් අයකර දෙන ලෙසත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය 2003 වසරේ දී තමන්ට අපහාස සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා 2017 වසරේ දී ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ පවරා තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස නියෝග ලැබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකාර අර්ජුන රණතුංග මහතාට නියෝග කර තිබුණේ පැමිණීලිකාර තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් මිලියන විසිපහක වන්දි මුදලක් ගෙවන ලෙසය.