මිතුරාගේ මළගම දා මහවැලි ගඟට පැන්න තරුණයා

0
Suicide Attempt - මිතුරාගේ මළගම දා මහවැලි ගඟට පැන්න තරුණයා

මහියංගනය ප්‍රදේශයේදී මහවැලි ගඟට පැන්න තරුණයෙකු බේරාගැනීමට අද දහවල් පොලීසිය සමත්විය.

මෙලෙස ගඟට පැන ඇත්තේ මහියංගනය දොඩංවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මේ දිනවල මහියංගනය ප්‍රදේශයේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළගොස් ඇති අතර සැඩ පහරට හසුවූ තරුණයා පහළට ගසාගෙන ගොස් තිබේ.

එහිදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තරුණයා ගොඩගැනීමට මහත් පරිශ්‍රමයක් දරනු ලැබීය.

ගඟට පන්න ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් දුරින් මහියංගනය පාළම් හන්දිය ආසන්නයේදී තරුණයා ගොඩට ගැනීමට සමත්ව තිබේ.

ගොඩට ගත් තරුණයා රෝහ්ල්ගතකිරීමට පියවර ගෙන ඇත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඔහුගේ මිතුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගොස් සිටි අවස්ථාවේ ඔහු මෙලෙස ගඟට පැන ඇති බවය.

අදාළ තරුණයා තදබල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

තම මිතුරාගේ වියෝවෙන් ඇතිවූ කම්පනයට හෝ මත්ද්‍රව්‍ය නොමැතිවීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් ඔහු මෙලෙස ගඟට පනින්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.