පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ජනවාරියේ සිට

0
Meals for School Students - පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ජනවාරියේ සිට

දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන්ට දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොටහේන කුමර විදුහලේ ඊයේ (15) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ, රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන කුමර විදුහලෙන් ආරම්භ කළ බව යි.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සඳහා ප්‍රමාණවත් ආහාර නො ලැබෙන බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පිළිගත් අතර, දහවල් ආහාර වැඩසටහන සඳහා රජය වැඩි මුදලක් වෙන් කර තිබෙන බව ද ප්‍රකාශ කළ බව සඳහන්.

රජය විසින් පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.