සම්පූර්ණ අයවැය ලේඛනය මෙන්න

0
President - සම්පූර්ණ අයවැය ලේඛනය මෙන්න

නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය ලෙස 2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේය.

එම අවස්ථාවට සහභාගි වීම සඳහා මැතිඇමතිවරුන් අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියහ.

අයවැය කථාවට සවන්දීම සඳහා පාසල් සිසුන් 400 දෙනෙකුට පමණ අද දිනයේ අවස්ථාව සලසා දී තිබීමද විශේෂත්වයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 1.30ට පමණ අයවැය යෝජනාවලිය රැගෙන සභාගර්භය වෙත පැමිණි අතර මුදල් අමාත්‍යවරයා ලෙස හා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන මංගල අයවැය මෙය වෙයි.

2023 අයවැය නම්කර තිබුණේ, “ශ්‍රී ලංකාව – නව ආරම්භයක් කරා” ලෙසය.

එමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට  (15)  ආරම්භ වන අතර, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 8 දක්වා පැවැත්වේ.

කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන මෙම සෑම දිනකම ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වීමට  නියමිත අතර  එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 7. 00 ට පැවැත්වීම සිදුවේ.

අයවැය විවාදය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා ‍කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර, අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සඳහා කාලය වෙනකර නොමැත.

2023 අයවැය කතාව