විමල් වීරවංශලාට මහනුවරදී “හූ” සංග්‍රහයක්

0
Uttara Lanka Sabagaya - විමල් වීරවංශලාට මහනුවරදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විමල් වීරවංශ වාසුදේව නානායක්කාර ඇතුළු රජයෙන් ඉවත් වූ දේශපාලනඥයන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති උත්තර සභාව දේශපාලන රැස්වීම අවසන් වන මොහොතේ පිරිසක් ඔවුන්ට විරෝධතාව දැක්වීම හේතුවෙන් දැඩි නොසන්සුන් තාවයක් ඇති විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමගම ඔහුගේ වාහනයේ නැගී ක්ෂණිකව ස්ථානයෙන් පිටව ගිය අතර පැවැති දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ශාලාවෙන් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුළ සිරවී සිටින අයුරු දක්නට ලැබුණි.

දෙපාර්ශවය අතර කලබලකාරී තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙද්දී වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ මහත්වරුන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගිය අතර එහිදී දැඩි හු.. හඬක් නැගෙන අයුරු දැකගත හැකි විය.