දිවි අහිමි වූ සචිනි ලක්ෂාණි වෙනත් කිහිපදෙනෙකුගේ දිවි රැකදෙයි

0
Sachili Lakshani - දිවි අහිමි වූ සචිනි ලක්ෂාණි වෙනත් කිහිපදෙනෙකුගේ දිවි රැකදෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පළමු වසරේ ශිෂ්‍යාවක් වන සචිනි ලක්ෂාණි ගලප්පත්ති සිසුවිය පසුගිය 31වනදා රියඅනතුරක ලක්වූවාය.

ඒ මෝටර් රථයක රියදුරෙකුගේ නොසැලකිලිමක් රිය ධාවනය හේතුවෙනි.

සිය අධ්‍යනය කටයුතු අවසන් කර යෙහෙළියන් සමග නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටියදී රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය සචිනි සහ ඇයගේ යෙහෙළියන් අනතුරට ලක් කර තිබුණි.

බරපතළ තුවාල ලබා සිටී සචිනි පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යැවිණි.

එහිදී ප්‍රතිකාර කළද පසුගිය 8 වැනිදා වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත්තේ සචිනිගේ මොළය මියගොස් ඇති බවය.

මේ බව වෛද්‍යවරුන් ඇයගේ පවුලේ සාමාජිකයින් දැනුවත් කර ඇති අතර එහිදී සචිනිගේ ශරීර අවයව දන්දීමට ඔවුන් කැමති වී තිබේ.

ඒ අනුව ඇයගේ ඇස්, අක්මාව සහ වකුගඩු දන් දීමට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව සචිනිගේ නිසල දේහය ඇය පදිංචිව සිටි තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ නිවසට රැගෙනවිත් ඇති අතර පෙරේදා (11) ඇයගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

මෙලෙසම අනතුරකට ලක්ව මොළය මියගිය තවත් පුද්ගලයෙකුගේ අවයව දන්දීම පසුගිය දින කිහිපයකට පෙර බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

එලෙස අවයව දන් දී තිබුණේ හසලක මහඅස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන 48 හැවිරිදි එම්. ජී චමින්ද මහතාගේය.