සර්ව පාක්ෂික රජයක් බිහිකිරීම සඳහා තිරය පසුපස කතාබහක්

0
All Party Government - සර්ව පාක්ෂික රජයක් බිහිකිරීම සඳහා තිරය පසුපස කතාබහක්

සර්ව පාක්ෂික රජයක් බිහිකිරීම සඳහා සෑම පක්ෂයකම සහය ලැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මෙම සාකච්ඡාවල නායකත්වය දරන්නේ පැවති යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු බවයි වාර්තා වන්නේ.

සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමට නායකත්වය දරන මේ වනවිට විපක්ෂයේ සිටින හිටපු අමාත්‍යවරයා හිටපු ආණ්ඩුවේ ප්‍රධානපෙළේ දේශපාලඥයින් කිහිපදෙනෙකු සමඟම මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රබල චරිත අතර ල මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකුද ඇතුළත් බවයි වාර්තාවන්නේ.

ඔහු සහ විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයා අතර රහස් සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතයි.

එසේම මෙම කණ්ඩායම ලබන සඳුදා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

සමඟි ජනබලවේගයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම මෙම සර්ව පාක්ෂික රජය පිහිටුවීමට කැමැත්තෙන් සිටින බවත් අනාවරණය වනවා.

හිටපු ප්‍රබල අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

මේ අතර සිදුවීමට යන බල පෙරළිය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.