තිළිණි ප්‍රියමාලිගේ තවත් මහපරිමාණ මූල්‍ය වංචාවක් එළියට

0
Thilini Priyamali - තිළිණි ප්‍රියමාලිගේ තවත් මහපරිමාණ මූල්‍ය වංචාවක් එළියට

ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි විසින් සිදුකරන ලද තවත් මහාපරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 400ක මුදලක් ඇය විසින් වංචාකර ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් දැනුම් දී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තිළිණි ප්‍රියමාලිගේ බැංකු ගිණුම් 04 ක් පරීක්ෂා කිරීමට අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට අවසරය හිමිව තිබෙනවා.

පෞද්ගලික බැංකු හතරක ඇති ප්‍රියමාලිගේ ගිනුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටියා.

අධිකරණයෙන් ඊට අවසර හිමි වූ අතර මෙම ගනුදෙනුව පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනවා.

මේ අතරල රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිට රන් පොලු නිෂ්පාදනය කළ පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ කිසිදු සැකයක් ඇති නොවන අයුරින් රන් පොලු ලෙස නිර්මාණය කර ඇත්තේ පිත්තල පොලු බවයි.

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තාට අයත් පිළිමතලාව ප්‍රදේශයේ නිවසක තිබී එවැනි ව්‍යාජ රන් පොලු 8ක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

එම ව්‍යාජ රන් පොලු ලබා දීල ඇතැම් පුද්ගලයින් රවටමින් මුදල් වංචා කළ බවට තිළිණි ප්‍රියමාලිට සහ ඇගේ පෙම්වතාට චෝදනා එල්ල වී ඇති බවත්ල මෙම ව්‍යාජ රන් පොලු නිර්මාණය කර ඉසුරු බණ්ඩාර නමැත්තාට ලබා දුන් පුද්ගලයින් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට නියමිතයි.