COP 27 සමුළුවට සමගාමීව ලෝක බැංකු සභාපති සහ ජනපති අතර හමුවක්

0
President and World Bank Meeting - COP 27 සමුළුවට සමගාමීව ලෝක බැංකු සභාපති සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්වුණ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරුණ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මල්පාස් මහතා මෙහිදී අවධාරණය කළ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධවීමේ වැදගත්කම පැහැදිළි කර තිබෙනවා.

වැඩිදුර තොරතුරු ඇතුළත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.