කැබිනට් සංශෝධනයක් නුදුරේදීම.. වෙනස්වන ඇමතිකම් මෙන්න…

0
Cabinet Reshuffle - කැබිනට් සංශෝධනයක් නුදුරේදීම.. වෙනස්වන ඇමතිකම් මෙන්න...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි වහාම කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහිදී සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,නාගරික සංවර්ධන, මහාමාර්ග, වරාය, වනජීවී, කර්මාන්ත, වෙලෙද හා ක්‍රීඩා අමාත්‍යාංශ මෙසේ සංශෝධනය වන අමාත්‍යාංශයි.

මෙසේ සංශෝධනයට ලක්වන අමාත්‍යාංශ වල රාජ්‍ය අමාත්‍යවරුන්‍ට වහාම බලතල ලබාදීමට සමහරක් කැබිනට් අමාත්‍යවරුන් කටයුතු කර ඇත.

නාගරික සංවර්ධන, කර්මාන්ත හා ජල සම්පාදන , වරාය හා මහා මාර්ග මෙසේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල බෙදා ඇති අමාත්‍යාංශයි.

අයවැයට කලින් මෙම කැබිනට් අමාත්‍යධුර පත් කරන බව එම දේශපාලන ආරංචිමාර්ග වැඩි දුරටත් සදහන් කලේය.

මෙහිදී පොදුජන පෙරමුණ විසින් නම්කල පිරිසකට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකුට, සමගි ජන බලවේගයේ කිහිප දෙනෙකුට හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකුට මෙම අමාත්‍යාධුර හිමිවීමට නියමිතය.