ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙනවා: හැබැයි ජනතාවත් ආධාර දෙන්න ඕන! – නාමල්

0
Namal Rajapaksa - ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙනවා: හැබැයි ජනතාවත් ආධාර දෙන්න ඕන

කොරෝනා වසංගතය හමුවේ දානපතියන්ගෙන් ආධාර ඉල්ලූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙන්ම අවශ්‍ය තරම් ආණ්ඩුවට මුදල් ඇති බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද නිවැරදි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රජයට අවශ්‍ය තරම් මුදල් ඇති බවත්, මුදල් හිඟයක් නොමැති බවත් ඉල්ලන තරමක් මුදල් ලබා දීමට හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

එමෙන්ම මෙරට ජනතාව, දානපති ව්‍යාපාරිකයින් කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා උදව් කිරීම අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ බොරැල්ල සහ මෝදර ප්‍රදේශවල නිවාස සංකීර්ණ වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවය.

කොරෝනා වසංගතය අප රටේ 100%ක් සනීප වී ඇති බවට පවසමින් සැමරීමට ආරම්භ කළහොත් ආසන්න රටවල් වල එසේ සුව වී නොමැතිනම් නැවත වතාවක් අප රටට කොරෝනා වසංගතය පැමිණිය හැකි බවත් එසේ සිදු වූ රටවල් ඇති බවටත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.