විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කරනමකට අර අදින ලකුණු

0
Opposition MPs - විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කරනමකට අර අදින ලකුණු

සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහය පළකරමින් ඉදිරියේ දී ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

රට ගොඩගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන් මෙලෙස ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන 13 දෙනෙකු පමණ දැනටමත් මේ සඳහා සහය පළකිරීමට එකඟතාව පළකර තිබෙනවා.

මෙලෙස ආණ්ඩුව සමඟ එක්වන සමගි ජන බලවේගයේ ප්‍රබලයින් ඇතුළු විරුද්ධ පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකු සඳහා අමාත්‍ය ධුර පිරිනැමීමට ද නියමිතයි.

ඉදිරි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අමාත්‍ය ධුර ලබා දීම සිදුකෙරෙන බවයි විශ්වාසදායි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.