ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

0
Danushka Gunathilaka - ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බව වාර්තා වේ.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (06) වාර්තා වුණි.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගත්තේය.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක Sydney City පොලීසිය විසින් පැරමැටා පොලිස් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කළ අතර එහිදී ද ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබුණි.